FAST NEWS

24×7 Around the Globe

වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (06) තීරණාත්මක සාකච්ඡාවක්…

 

අද (06) දිනයේදී වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කිරීමට අදාළව වතු සමාගම් සමඟ සාකච්ඡා කරන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් රජය වහාම පියවරක් නොගතහොත් තවදුරටත් ආණ්ඩුවේ රැදී සිටීම පිළිබදව අවසන් තීරණයක් ගන්නා බවත් එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා කියා සිටියේය.

ඒ පිළිබඳව අද හෝ හෙට තම දේශපාලන මණ්ඩලය රැස්වී තීරණයක් ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

ඊයේ (05) පස්වරුවේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පවත්වා ඇත.

රුපියල් දහසක් දක්වා වැටුප වැඩි කරන ලෙස වතු කම්කරු වෘත්තිය සමිති මෙන්ම සිවිල් සංවිධාන අරගල කළද පසුගියදා අත්සන් කළ ගිවිසුුමේදී තීරණය කෙරුණේ එය රුපියල් 700 දක්වා වැඩි කිරීමටයි.