FAST NEWS

24×7 Around the Globe

රුපියලේ අගය ස්ථාවරත්වයකට පැමිණෙයි…

 

 

පසුගිය කාලයේ දිගින් දිගටම අවපාතයට ලක්වූ  ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කර ඇත.

අද (05) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 178.83 ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 174.98 ක් ලෙසයි.

පෙබරවාරි 01 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 180.19ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 176.34 ලෙස දක්වා තිබිණි.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පසුගිය දින කිහිපයේදී රුපියල් 183 හා 184 යන අගයන්වල පැවැතිණි.