FAST NEWS

24×7 Around the Globe

ගැබ්ගෙල පිළිකා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවේ…

 

ගැබ්ගෙල පිළිකා වලින් ආරක්ෂා වීම කාන්තාවන්ට ලබාදෙන එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දී ඇත. 

ගැබ් ගෙල පිළිකා රෝගීන් සඳහා මානව පැපිලෝමා වෛරස් එන්නත නිර්දේශ වී ඇති අතර විශේෂයෙන් දුප්පත් රටවල කාන්තාවන්ට මෙම එන්නත ලබාදීමට පිළිකා විශේෂඥයන්ගේ අවදානය යොමුව තිබේ.

සෑම වර්ෂයකම කාන්තාවන් 310,000 වඩා ගැබ් ගෙල පිළිකා වලින් මිය යන අතර,  එයින් බහුතරයක් දුප්පත් රටවල්වල කාන්තාවන් බව අනාවරණය වී ඇත.

2020 වන විට මානව පැපිලෝමා වෛරස් එන්නත දුප්පත් රටවලින් කාන්තාවන් මිලියන 40 කට ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණ වේ.

එයින් 900,000 මරණ සංඛ්‍යාවක් වළක්වා ගත හැකි  බවට  වාර්තා වේ.