FAST NEWS

24×7 Around the Globe

ඒ.ටී.එම්. යන්ත්‍ර හරහා සිදුකරන මුදල් ජාවාරමක් පිළිබද තොරතුරු හෙළිවේ…

 

රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍ර හරහා සිදුකරනු ලබන මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

විදේශිකයින් ද ඇතුළත් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම මුදල් වංචාව ඉතා සැලසුම්සහගතව සිදුකරන බවට තොරතුරු ලැබී ඇති අතර මීට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවටද ගෙන තිබේ.

මෙම සැකකරුවන් ඒ.ටී.එම්. යන්ත්‍ර ආශ්‍රිතව උපකරණයක් සවි කර ගනුදෙනුකරුවන් විසින් ඒ.ටී.එම්. යන්ත්‍රයට ඇතුළත් කරනු ලබන කාඩ්පත්වල දත්ත සොරාගෙන ව්‍යාජ ලෙස ඒ.ටී.එම්. කාඞ්පත් සකස්කර ඒ හරහා මෙම ජාවාරම සිදුකර ඇති බව වාර්තා වේ.