FAST NEWS

24×7 Around the Globe

පිටකොටුව අත්‍යාවශ්‍ය තොග වෙළඳසැල් අද (05) වැසෙයි…

 

රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර අද (05) දිනයට සතියක් ගතවන අතර ඊට සහාය පළ කරමින් වාප්පු ලිපිකරුවන්, කන්ටේනර් රථ රියදුරන්, රේගු නියාමක නිලධාරීන් මෙන්ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමයත් අද දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට සහාය පළ කිරීමට නියමිතව ඇත.

අද දිනය පුරා පිටකොටුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් වසා දැමීමට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ , මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවසමින්.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට හදිසි ස්ථාන මාරුවක් ලබා දීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට අද කැබිනට් මණ්ඩලයේදී විසඳුමක් නොදෙන්නේ නම් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරන බවට රේගු වෘත්තිය සමිති සන්ධානය අනතුරු අගවයි.