FAST NEWS

24×7 Around the Globe

මාලි රාජ්‍යයේදී මිය ගිය හමුදා සාමාජිකයන්ගේ දේහ අද (04) දිවයිනට…

 

පසුගියදා මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මියගිය ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහ අද (04) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.

එම අවස්ථාවට යුධ හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා , යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් , එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හැනා සිංගර් මෙනෙවිය සහ මියගිය යුධ හමුදා සාමාජිකයින් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් එක්වමට නියමිත බවත් වාර්තා වෙයි.