FAST NEWS

24×7 Around the Globe

ස්වෛරී, ස්වයංපෝෂිත නිවහල් දේශයක් බිහිකර ගැනීමට කැපවෙමු – විපක්‍ෂ නායක

ලක් දෙරණ සත්‍යවශයෙන්ම ස්වෛරීව ස්වයං පෝෂිතව බාහිර අතපෙවීම්වලට අභීතව මුහුණ දිය හැකි රාජ්‍යයක් බවට පරිවර්තනය කරගත යුතු වූ බවට වූ පණිවුඩය ඔබ සැමට ලබාදීමට මෙය අවස්ථාවක් කර ගනිමු යැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

හැත්තෑඑක් වසරකට පෙර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව නැඟී සිටීමට ඇති අවශ්‍යතාව වටහා ගත් මාතෘ භූමිය වෙනුවෙන් සටන් කළ අභීත ජනතාවකට ශී‍්‍ර ලංකා මාතාව උරුමකම් කීහ. ඔවුහු තමන්ගේ වරම තුළින් බිහිවන පාලන තන්ත‍්‍රයක් මගින් පාලනය වන ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළහ. අපගේ තේජාන්විත සිංහ ධජය තුළින් මනාව පිළිබිඹු වන්නේ ඔවුන්ගේ වූ විවිධත්වයයි. ඔවුහු එකාවන්ව ජාතියේ ඒකීයත්වයත් නිදහසත් වෙනුවෙන් සටන් වැද ජය ලැබූහ.

තවද අප එකාවන්ව එකමුතුව ලක් දෙරණ සත්‍යවශයෙනම ස්වෛරීයව ස්වයං පෝෂිතව බාහිර අත පෙවීම්වලට අභීතව මුහුණදිය හැකි රාජ්‍යයක් බවට පරිවර්තනය කරගත යුතු බවට වූ පණිවිඩය ඔබ සැමට ලබාදීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි.

ලක්මවුණි ඔබටත් සියලූම ලක්වාසී ජනතාවටත් අභිමානවත් 71 වන නිදහස් දිනයක් වේවා.