FAST NEWS

24×7 Around the Globe

ඉදිරි පැය 36 තුළ ප්‍රදේශ කීපයකට තද වැසි…

 

ඉදිරි පැය 36 ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුර , උතුරු මැද , මධ්‍යම , බස්නාහිර , සබරගමුව හා නැගෙනහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලට මේ තත්ත්වය ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.