71වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 545 දෙනෙකුට ජනාධීපති පොදු සමාව ලබාදීමට තීරණය කර තිබේ.
සුලු වැරදි සදහා දඩුවම් නියමවූ සිරකරුවන් නිදහස් කිරීම සදහා ජනාධිපතිතුමා ලබාදුන් අනුමැතියට අනුව හෙට දිනයේදී එම සිරකරුවන් නිදහස් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් ජනාධිපති පොදු සමාව හිමිවූ සිරකරුවන් 545දෙනා අතරින් හෙට දිනයේදී නිදහස ලබන්නේ සිරකරුවන් 518 දෙනෙකු පමණක් බවත් වාර්තා වෙයි.








