බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව එරට වෙස්මිනිස්ටර් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුව නිල වශයෙන් ඉවත්කරගෙන තිබේ.
බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලයේ මැදිහත්වීම මත එම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
2018 වසරේ පෙබරවාරි 04 වනදා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයකට සහභාගීවූවන්ට තර්ජනයක් කල බවට ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා එල්ලවිය.








