FAST NEWS

24×7 Around the Globe

වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගුවේ ආදායම 65% කින් පහළට…

 

04 වන දිනටත් ක්‍රියාත්මක සිය වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රේගුවට ලැබිය යුතු ආදායම 65% කින් පමණ අඩු වී ඇති බව රේගු අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ ප්‍රකාශ කරයි. 

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්.චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පසුගිය 29 වනදා පස්වරුවේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබීය.

රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, බහාළුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සහ රේගු නිෂ්කාශණය කරන්නන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටියි.