FAST NEWS

24×7 Around the Globe

71 වෙනි නිදහස් සැමරුමට එළිසබෙත් මහ රැජිනගෙන් සුබ පැතුම්….

 

පෙබරවාරි 04 වැනිදාට යෙදී තිබෙන 71 වන ජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින විසින් ශ‍්‍රී ලංකාවේ ජනතාවට සතුට සහ වාසනාව ප‍්‍රාර්ථනා කරන බව සදහස් කළාය.

‘‘ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයාණෙනි, ජාතික දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට ලැබීම මට මහත් සතුටක්. එළැඹෙන වසරේදී ශ්‍රී ලංකාවේ වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප‍්‍රාර්ථනා කරමි’’. යනුවෙන් බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින වෙනුවෙන් කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.