මොරගහකන්ද දිරිය ධීවර සමිතියට රුපියල් මිලියන 05 ක වියදමින් බෝට්ටු ලබාදීම ඊයේ (31) සිදුකෙරිණි.
බෝට්ටු ලබාදීමට අමතරව දිරිය ධීවර සමිතියේ සාමාජිකයින් 114 දෙනෙකුට මෙහෙයුම් බලපත්‍ර ලබාදීම ද සිදුකෙරිණි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය හා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය එක්ව ධිවර බෝට්ටු හා දැල් ඇතුළු ආම්පන්න බෙදාදීම මොරගහකන්ද ව්‍යාපෘති භුමියේ දී සිදුකෙරිණි.
මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වු පිරිස් යළි සවිබල ගැන්වීමේ අරමුණින් ධිවර සමිති පිහිටුවා අවශ්‍ය පහසුකම් ලබාදීම සිදුකළ බව මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ නේවාසික ව්‍යාපාර කළමණාකරු හේමන්ත ජයසිංහ මහතා කියා සිටියේය.








