FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන් තොටුපොලෙහි ආගමන විගමන කටයුතු කඩිනම් කිරීමට පියවර..

 

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙහි ආගමන විගමන කටයුතුවල ප්‍රමාදය වළක්වා ගැනීම වෙනුවෙන් පියවර කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ආගමන හා විගමන සහ රේගු නියාමන කටයුතුවලට අදාලව මඟ පෙන්වන්නන් ගුවන් තොටුපොළෙහි විවිධ ස්ථාවනවල  යෙදවීමටත් , උපදෙස් දැන්වීම්,  විද්‍යුත් වර්ණ සංඥා ගුවන් තොටුපොළේ අවශ්‍ය ස්ථානවල සවි කිරීමටත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  උපදෙස් ලබා දී ඇත.

අවශ්‍ය වන්නේ නම්  තම අමාත්‍යාංශය යටතේ ඇති ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමෙන් අවශ්‍ය සහාය ලබා ගන්නා ලෙසත් අමාත්‍යවරයා අදාළ අංශ දැනුම්වත් කර තිබේ.