බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් වැලි කැනීම් සිදු කරන්නන් සොයා අද (31) සිට මෙහෙයුම් ආරම්භ කර ඇත.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවේ මෙහි පළමු අදියර පසුගිය ඔක්තෝබර් මාසයේ ක්‍රියාත්මක කළ අතර පසුගියදා කින්නියා ප්‍රදේශයේ සිදුවූ සිද්ධියෙන් පසුව එම වැටලීම් දැඩි කල බවයි.
ඒ අනුව ලබාදී ඇති බලපත්‍රවල කොන්දේසි උල්ලංඝණය කර ඇති බලපත්‍රලාභීන්ගේ බලපත්‍ර අත්හිටුවීමට පියවර ගනු ඇත.
වැලි කැණීම් සඳහා අවසර නොදෙන ගංඟා ආශ්‍රීතව සිදු කරන අවිධිමත් වැලි ගොඩදැමීම් පිලිබඳ තොරතුරු ලැබී ඇති අතර ඒවාට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් තවදුරටත් විධිමත් කර තිබේ.
මේ වන විට කළු, කැලණි යන ගංඟාවල සහ දැදුරු සහ මා ඔයේ වැලි කැණීම් සඳහා බලපත්‍ර ලබාදීම අත්හිටුවා තිබේ.








