FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍යවරයාගේ මන්ත්‍රීධුරයට අදාළ පෙත්සම් විභාගයෙන් දීපාලි විජේසුන්දර ඉවත්වෙයි..

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම විභාග කෙරෙන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර ඉවත්වී තිබේ. 

අදාළ පෙත්සම ගොනුකරනු ලැබුවේ කොළඹ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල විසින්ය.

පෞද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බව විනිසුරු දීපාලි විජේසුන්දර අභියාචනාධිකරණ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී සදහන් කළාය.

පෞද්ගලික ආයතනවල කොටස් හිමිකාරිත්වය දරා ලාභ ලැබීම සහ ඊට අදාළ වත්කම් බැරකම් හෙළි නොකිරීම යන චෝදනා යටතේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මෙම පෙත්සම ගොනුකර ඇත.

ඒ හරහා ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින්, අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එරෙහිව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් ලබාදෙන ලෙසට පෙත්සමෙන් ඉල්ලා තිබේ.