හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (31) පෙරවරුවේ ත්රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණියේය.
ඒ , මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද සිට දිනපතා විභාගයට ගැනෙන බැවින්ය.








