FAST NEWS

24×7 Around the Globe

ත්‍රී රෝද සංඛ්‍යාව ඉහළ ගොස් කුලී ගමන් වාර අඩු වෙයි…

 

ත්‍රීරෝද රථ රියැදුරෙකුට ලැබෙන කුලී ගමන් වාර ප්‍රමාණයන් වල අඩු වීමක් දක්නට ලැබෙන බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් සිදුකළ සමීක්‍ෂණයකින් අනාවරණය වී තිබේ.

එම රියදුරන් ඔවුන් වැඩ කරන සැබෑ කාලය පැය 02 කටත් වඩා අඩු වී ඇති බවත් වාර්තා වෙයි.

එක් දිනකට පැය 08ක් කුලී ගමන් සඳහා වෙන්කරන රියැදුරෙකුට පැය 02කට අඩු කාලයක් කුලී ගමන් ලැබෙන බව එම සමීක්‍ෂණය මගින් ආනාවරණය වී ඇති අතර ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑම මෙයට හේතුවී ඇත.

2017 වසර වන විට ලංකාව තුළ ත්‍රිරෝද රථ 1 139 524 ක් අතර, එමගින් විශාල ප්‍රමාණයක් කුලී රථ සදහා භාවිතා වෙයි.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායෙන් සෑම 09 දෙනෙකුටම එක් අයෙකු ත්‍රිරෝද රථ රියැදුරෙකු බවත් හඳුනාගෙන ඇත.