FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරායේ රේගු නිලධාරීහු සේවයෙන් ඉවත් වෙති…

 

රේගු අධ්‍යක්ෂක ජනරාල් ලෙස විශ්‍රාමීක නායක හමුදා නිලධාරීයෙකු පත් කිරිමට විරෝධය පල කිරිමට කොළඹ වරායේ රේගු නිලධාරීන් සේවයෙන් ඉවත්ව ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ සදහන් කළේය.

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් හදිසියේම එම තනතුරෙන් ඉවත් කර මෙම පත් කිරීම සිදුකර ඇති බව හෙතෙම පැවසීය.

ඒ අනුව මගී සහ අපනයන අංශ හැර  අනෙකුත් අංශවල සේවකයින් මෙම වර්ජනයට එක්ව සිටින බවද ඔහු සඳහන් කළේය.