මධ්‍යම පළාත් රජයේ සේවකයන් තම රාජකාරී කාලය තුළ ස්මාට් දුරකතන හා ෆේස්බුක් භාවිත කිරීම තහනම් බව මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ (29) පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය.
එහිදී අදහස් පළකර සිටි ආණ්ඩුකාරවරයා ,
“රජයේ කාර්යාලවලට ගියාම 8.30 ට ඇවිල්ලා වැඩ පටන් ගන්න කොට 9.30යි. තේ බීලා පත්තර බලලා කරන්න ඕන ඔක්කොම වැඩ කරලා 9.30 ට වැඩ ආරම්භ කරනවා. ඒ වැඩ ආරම්භ කළාට පස්සේ ඔන්න ෆෝන් එකේ ටුක් ටුක් ගාලා වදිනවා මැසේජ්. ගන්නවා ෆෝන් එක. කල්පනා කරලා බලන්න රාජ්‍ය සේවකයෙක් හරියට පැය කීයක් වැඩ කරනවද කියලා. මධ්‍යම පළාතේ කවුරු හරි නිලධාරියෙක් වැඩ කරන කාල සීමාව තුළ ෆේස්බුක් හා ස්මාට් ෆෝන් පාවිච්චි කරලා මට පැමිණිල්ලක් ආවොතින් එහෙම සේවය අත්හිටුවලා තමයි විනය පරීක්ෂණ කරන්නේ. මම ආණ්ඩුකාර කමේ කොයිතරම් ඉදීද දන්නේ නෑ. ඉන්නකම් හරියට කරනවා.”
යනුවෙන් මෛත්‍රී ගුණරත්න මහතා උත්සව සභාව අමතමින් අදහස් පළකර ඇත.








