මෙරට ගොවීන්ගේ බෝග වගාවන් පිළිබද යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව වෙබ් අඩවියක් හදුන්වා දීමට කටයුතු කර අැත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය මගින් මෙම වෙබ් අඩවිය හදුන්වා දී තිබේ.
ඒ හරහා වී, එළවළු හා අනෙකුත් බෝග වගාවන් පිළිබදව තොරතුරු ලබාගැනීමේ සහ ලබාදීමේ හැකියාව පවතියි.
එළවළු වගාකරුවන් සදහා පූර්ව අවදානම් සංඥා ලබාදීම තුළින් අතිරික්ත බෝග වගාවන් හේතුවෙන් සිදුවන මිල පහළ යාම් සහ නාස්තිය අවම කිරීමත් මෙම වෙබ් අඩවිය හරහා සිදුකෙරෙනු ඇත.
මෙම වෙබ් අඩවිය පාරිභෝගිකයන්ට, කෘෂිකර්මාන්තකරුවන්ට සහ ආහාර සැකසුම් ආයතනවලට ඉතා ප්‍රයෝජනවත් තොරතුරු මුලාශ්‍රයක් වන අතර එමගින්, වී, එළවලු හා අනෙකුත් බෝග වගාවන් පිළිබඳ තොරතුරු ලබා දී තිබේ.
වෙබ් අඩවිය හරහා එක් එක් දිස්ත්‍රික්කය සඳහා වී අස්වනු නෙලීමේ කාලවකවානු පිළිබඳ අවබෝධයක් ලබා දී ඇත.
http://croplook.net යන වෙබ් ලිපිනයෙන් මෙම වෙබ් අඩවිය හරහා සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනු ඇත.






