FAST NEWS

24×7 Around the Globe

විදුලිබල මණ්ඩලයේ නව සභාපතිත්වයට රකිත ජයවර්ධන පත්කරයි…

 

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ඇත.

විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රකිත ජයවර්ධන මහතාත් එහි උප සභාපතිවරයා ලෙස රජිව් සෙල්වරාජ් මහතාත් පත්කර තිබේ.

පරමාණුක බල ශක්ති මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දීපාල් සුමන්ත්‍රී ගුණරත්න මහතා පත්කර ඇත.

තිස්ස නානායක්කාර ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙස පත් කර ඇති අතර, තුවාන් මොහොම රාමසාන් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙසත්, උදිත දේවසුරේන්ද්‍ර ලංකා ගල් අගුරු පුද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙසත් පත්කිරීමට කටයුතු කර ඇත.

සුදත් ජයසුන්දර මහතා ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ සභාපතිවරයා ලෙස සිය පත්වීම් ලිපිය විදුලිබල අමාත්‍ය රවී කරුණානායක අතින් ලබාගත් බව විදුලිබල අමාත්‍යාංශය සදහන් කළේය.

පත්කරනු ලැබූ නව අධ්‍යක්ෂ මණ්ඩලය පහතින්….

ලංකා විදුලිබල මණ්ඩලය
සභාපති                   – රකිත ජයවර්ධන
උප සභාපති            – රජීව් සෙල්වරාජ්
ක්‍රියාකාරි අධ්‍යක්ෂ  –  කේ.කේ. තිස්ස ජිනදාස

පරමාණුක බලශක්ති මණ්ඩලය
සභාපති                               –  දීපාල් සුමන්ත්‍රී ගුණරත්න
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික  –  රවීන්ද්‍ර රත්නසේකර, සම්පත් චන්ද්‍රසේන,  චන්දන පෙරේරා, විදානගේ සංජීව දික්වැල්ල, මොහොමද ඩ් හිශාම් ජමාල්ඩීන්

සුනිත්‍ය බලශක්ති අධිකාරිය 
සභාපති                                 –  තුවාන් මොහොමඩ් රාමසාන් බන්ග්සා ජයා
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික    –  ජී.ඩී.පී.කේ. සේනාරත්න, අම්බපාලි සිකුරාජපති, උපුල් ප්‍රියන්ත ප්‍රනාන්දු, ගුණරත්න වන්නිනායක,
චින්තක උදයශාන්ත

පරමාණුක  බලශක්ති නියාමන කොමිසම 
සභාපති                                  – සමින්ද ජයසේකර
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික    – මහාචාර්ය ලාල් ජී. චන්ද්‍රසේන මහතා, වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මහතා,  තාරක වික්‍රමතුංග මහතා

ලංකා විදුලි පුද්ගලික සමාගම
සභාපති              – එස්. තිස්ස නානායක්කාර
උප සභාපති        – නිව්රාන් ජෝශෆ් වීරකෝන්

ලංකා ගල් අගුරු පුද්ගලික සමාගම 
සභාපති                                  – උදිත කලන දේවසුරේන්ද්‍ර
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික    – සුරේෂ් එදිරිසිංහ

ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය 
සභාපති                                – සුදත් ජයසුන්දර
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික  –  ප්‍රසන්න බණ්ඩාර