FAST NEWS

24×7 Around the Globe

මාලි රාජ්‍යයේ මිය ගිය ලාංකික විරුවන්ගේ දේහයන් පෙබරවාරි 02 දා දිවයිනට..

 

පසුගියදා මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සිරුරු පෙබරවාරි 02 වැනිදා දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ගුවන් යානයකින් පෙබරවාරි 02 වනදා 03.00 ට මිය ගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.

මාලි රාජ්‍යයේ ඩුවෙන්සා ප්‍රදේශයේ මුර සංචාරයේ නිරත වූ ශ්‍රී ලාංකික සාම සාධක හමුදා පිරිසක් රැගත් යුධ හමුදා සන්නද්ධ රථයකට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් යුධ හමුදා කපිතාන්වරයෙකු සහ යුධ හමුදා සෙබලෙකු මියගිය අතර තවත් හමුදා සෙබළුන් තිදෙනෙකු තුවාල ලැබීය.