FAST NEWS

24×7 Around the Globe

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අපෑලේ තීන්දුව 08 වනදා…

 

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී ඇති මාස 06 ක සිර දඩුවමට එරෙහිව උන්වහන්සේ විසින් ගොනු කළ අභියාචනයේ තීන්දුව එළැඹෙන 08 වනදා ප්‍රකාශයට පත්කරන බව හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා එක්නැලිගොඩට මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමින් ඥානසාර හිමියන්ට මාස හයක සිර දඬුවමක් පැනවීමට හෝමාගම මහාධිකරණය පසුගිය ජුනි මාසයේදී කටයුතු කළේය.