වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතව ව්‍යාප්ත වන නව වෛරසයක් සම්බන්ධයෙන් පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අැගවීමක් කරයි.
වින්ඩෝස් 7 / 8.1 සහ 10 වැනි මෙහෙයුම් පද්ධතිවලට මෙමගින් බාධා එල්ලවන බවත් , නොමිලයේ බාගත කර හැකි මෘදුකාංග හරහා මෙම වෛරසය පරිඝණකයට පිවිසීමේ අවධානමක් ඇති බවත් එම සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා පෙන්වා දෙයි.
මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීනව තැබීමෙන් මෙම වෛරසයේ බලපෑම එල්ලනොවන බවද ඔහු අවධාරණය කරයි.








