FAST NEWS

24×7 Around the Globe

සුරක්ෂා රක්ෂණාවරණ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරන්නැයි ඉල්ලීමක්..

 

පාසල් දරුවන්ට නොමිලේ සෞඛ්‍යාරක්ෂණ ප්‍රතිලාභ ලබා දීම සඳහා ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

එම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය සිසුන්ගේ අයදුම්පත් ඍජුවම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකරන ලෙස එම අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

2018 වසරේ ආරම්භ කරන ලද සුරක්ෂා රක්ෂාවරණ වැඩසටහන සදහා ඉදිරිපත් වී සිටින රක්ෂණ සමාගමේ ගිවිසුම් කාලසීමාව දෙසැම්බර් පළමුවනදායින් අවසන් වීම හේතුවෙන් නව ආයතනයක් සමඟ ගිවිසුම් ගත වනතුරු අදාළ ප්‍රතිලාභ ලබාදීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුවෙනු ඇත.

ඊට අදාළ සියලුම අයදුම්පත් අධ්‍යාපන අධ්‍යක්ෂ, පවුල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට යොමුකළ හැක.

0112 784 163 යන දුරකථන අංකය හරහා සුරක්ෂා රක්ෂාණාවරණයට අදාළ වැඩි විස්තර ලබාගැනීමට හැකියාව පවතී.