FAST NEWS

24×7 Around the Globe

වසර 10 කට පසු තී‍්‍රරෝද රථ අනතුරු අවම වෙයි…

 

මෙරට සිදුවන යතුරුපැදි සහ තී‍්‍රරෝද රථ අනතුරු වසර 10 කට පසු අඩු වී ඇති බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසුවේ සෑම වසරකම සිදුවන රිය අනතුරු අතරින් වැඩිම ප‍්‍රමාණයක් සිදුවන්නේ යතුරුපැදි සහ තී‍්‍රරෝදවලින් බවත් , එවැනි තත්ත්වයක් තුළ පසුගිය වසරේ යතුරුපැදි සහ තී‍්‍රරෝද රථ අනතුරු අඩුවීම කැපී පෙනෙන තත්ත්වයක් බව මාර්ග ආරක්‍ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ කෝදාගොඩ මහතා,

“යතුරුපැදි සඳහා ප්‍රමිතිය ඇති හිස්වැසුම් පැලඳීමට බොහෝ දෙනා යොමු වීම තුළ අනතුරුවලදී සිදුවන මරණ සංඛ්‍යාව අඩු වූණා. ත්‍රීරෝද රථ වලදී එකම ස්ථානයකදී රථය ක්ෂණිකව හරවා ගැනීමට නොහැකි වන සේ ලොක් සවිකිරීම, අලුතින් පැමිණෙන ත්‍රීරෝද රථවල ඉදිරිපස රෝදය අංශක 43 සිට 38 දක්වා අඩු කිරීම ආදී තාක්ෂණික ක්‍රියාමාර්ග රාශියක් ගත් නිසා අනතුරු අඩු කර ගැනීමට හැකියාව ලැබුණා.”