දිවයින හරහා සුළඟේ වේගය අද (30) සහ හෙට (31) දිනයේ දී පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළයා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 -70 ත් දක්වා ඉහළ යා හැක.
එනිසා ධීවර හා නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.








