FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම මහ ඇමැතිට විශ්වාසභංගයක් ගෙනෙයි.

මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එහි විපක්ෂ නායක රංජිත් අලුවිහාරේ සැරසෙයි.

මන්ත්‍රීන් 57 දෙනකුගෙන් 33 දෙනකුගේ සහාය එජාපයට ඇති බව ඔහු කියයි.

පසුගිය මැයි මාසයේදී එක්සත් ජාතික පක්ෂය ඒකනායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒකනායක මහතා ඊට විරුද්ධව වාරණ නියෝගයක් ලබාගත්තේය. අලුවිහාරේ මහතා පවසනුයේ නීතිපති උපදෙස් අනුව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවයි. ඒකනායක මහතා කියනුයේ මන්ත්‍රීන් 36 දෙනකු තමාට සහාය දෙන බවයි.