ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පොලිස් කොස්තාපල් සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දක්වා නිලයන්හි කාන්තා නිලධාරිනියන් සංඛ්‍යාව සමස්ත නිලධාරින් සංඛ්‍යාවෙන් 15% දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.
පොලිස් සේවයේ නිලධාරින් සමඟ නිලධාරිනියන්ගේ සංඛ්‍යාව ප්‍රමාණාත්මක නොවන බැවින් මෙවැනි තීරණයක් ගත් බව එම කොමිෂන් සභාව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
සමස්තයක් වශයෙන් ගත්කල ද පොලිස් සේවයේ කාන්තා නියෝජිතත්වය තිබෙන්නේ අඩු මට්ටමක බවත් කාන්තාවන්ගේ හා ළමයින්ගේ ප්‍රශ්නවලට පියවර ගැනීමේදී කාන්තා පොලිස් නියෝජනය අතිශය වැදගත් බව ද එහි සඳහන් වේ.








