ශ්‍රී ලංකා හිටපු ප්‍රබල ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන විසින් ආරම්භ කර ඇති “මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්” අවහන් ජාලයේ ශාඛාවක් ඉන්දියාවේ මුම්බායි නුවරදී විවෘත කිරීමට සැලසුම් කර ඇත.
මීට පෙර ඔවුන් චීනයේ ෂැංහායි නුවරත්, පිලිපීනයේ මැනිලා නුවරත් ශාඛා විවෘත කරනු ලැබීය.
එළැඹෙන පෙබරවාරි මාසයේදී මෙම නව ශාඛාව විවෘත කිරීමට නියමිතව ඇත.








