FAST NEWS

24×7 Around the Globe

නව වරාය ගාස්තු මාර්තු 15 තෙක් කල් යයි…

 

නව වරාය ගාස්තු සංශෝධන ක්‍රියාවට නැංවීම ලබන මාර්තු 15 වනදා තෙක් කල් දැමීමට තීරණය කළ බවත්, අදාළ තීරණය පාර්ශව රැසක් කල කරුණු විමසීම් සැළකිල්ලට ගෙන ගත් බවත් වරාය සහ නාවික කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයට පත් කල කමිටුවේ වාර්තාවන සැළකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලය විසින් ගාස්තු සංශෝධනයක් සිදුකරනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.