2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයැදුම් කිරීමේදී, විදුහල්පතිවරුන් නිකුත් කරන විභාග ප්‍රතිඵල ලේඛණ ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් යැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඒ අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමේදී උසස් පෙළ සහ සාමාන්‍යපෙළ විභාගයන්හි විදුහල්පතිවරුන්ගේ අත්සනින් නිකුත් කරනු ලබන ප්‍රතිඵල ලේඛණ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.








