බඩඉරිගු ආනයනය සදහා බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.
දේශීය අවශ්‍යතාව හා නිෂ්පාදනය අතර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස්දහසක හිගයක් පවතින බැවින් බඩඉරිගු ආනයනය කිරීමෙන් මෙරට බඩඉරිගු අස්වැන්න මිලදී ගැනීමට කිසිදු බලපෑමක් එල්ල නොවන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.








