FAST NEWS

24×7 Around the Globe

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව එපා – සන්ධ්‍යා එක්නැලිගොඩ

 

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා නොදෙන්නැයි ඉල්ලා අතුරුදන් වී සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද (28) පස්වරුවේ නීතිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරියගෙන් ලිඛිත ඉල්ලීමක් කළාය.

එලෙස පොදු සමාවක් ලබා දුන් හොත් උන්වහන්සේ අගතියට පත් පාර්ශව වන තමන් , මහෙස්ත්‍රාත් , රජයේ නීතිඥවරුන්ට සිදු කරන්නාවූ අසාධාරණයක් වන හෙයින් මෙලෙස උන්වහන්සේට පොදු සමාව නොදෙන්නැයි නීතිපති ගෙන් සහ අධිකරණ ඇමතිවරිය ගෙන් තමා ඉල්ලා සිටින බවද එක්නැලිගොඩ මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළාය.

එසේම ⁣ඥානසාර හිමියන්ට සමාව නොදෙන්නැයි ඉල්ලා තමන් ජනාධිපතිවරයා වෙතද ලිඛිත ඉල්ලීමක් කරන බවද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.