පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම විසින් මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත ලබාදුන් විකෘති කරන ලද හඬපට ඇතුළත් සංයුක්ත තැටියක් අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත භාරදී ඇත.
ඒ අර්ජුන් ඇලෝසියස් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම හඬ පට ඇතුළත් සංයුක්ත තැටිය රජයේ රස පරීක්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබා ගන්නා ලෙසටයි.
මෙම නඩුව පෙබරවාරි මස 25 වනදා යළි කැදවීමට නියමිතව ඇත.








