FAST NEWS

24×7 Around the Globe

161 වෙනි උදා ගම්මානය අද (28) ජනතා අයිතියට පත්කෙරේ…

 

161 වන උදා ගම්මානය අද (28) නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරෙනු ඇත.

මඩකලපුව පෝරතිව්පත්තු ගම්මානයේ ඉදිකළ මෙම ආදර්ශ ගම්මානය ආනන්දපුරම් ලෙස නම්කර තිබේ.

මේ වසර අවසන් වීමට පෙර තවත් ආදර්ශ ගම්මාන 800කට වැඩි ප‍්‍රමාණයක් ඉදිකිරිමට සැළසුම්කර තිබෙන අතර , මේ වනවිට ගම්මාන 1684 ක් ඉදිකර අවසන් වේ.‍

ඒ අනුව 2025 වනවිට ඉදිකිරිමට අපේක්ෂිත උදා ගම්මාන සංඛ්‍යාව විසි දහසක්.