කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු මාධ්‍යට විවෘත කිරීමට සුදානම වන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කරයි.
ඊට අවශ්‍ය ස්ථාවර නියෝග සකස් කිරිම මේ වන විට සිදුවෙමින් පවතින අතර එම කටයුතු කඩිනම් කර ඉතා ඉක්මණින් අවසන් කිරීමට නියමිත බවත් නියෝජ්‍ය කතා නායකවරයා පැවසීය.
ඒ අනුව කෝප් කමිටුව මාධ්‍යට විවෘත කිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
කෝප් කමිටුව මාධ්‍යට විවෘත කිරිමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කථානාකවරයාගෙන් පසුගියදා ඉල්ලා සිටියේය.








