FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධාන කමීටු වාර්තාව අද (28) ජනපතිට..

 

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අද (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිත බව එම කමීටු ආරංචි මාර්ග කියයි.

පසුගිය 07 වැනිදා පත් කළ මෙම කමිටුවට සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත් වෙයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව අවම කර ගනිමින් ඉදිරියේදී එය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර අදාළ කමිටු නිර්දේශ තුළින් ඉදිරිපත් කෙරේ.