FAST NEWS

24×7 Around the Globe

ජනපති අද (25) සිංගප්පූරු අගමැති හමුවෙයි…

 

සිංගප්පූරුවේ සිව් දින නිළ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිෆික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සමුළුව සදහා රටවල් 40 ක් නියෝජනය කරමින් පරිසර අමාත්‍යවරුන් සහ පරිසර ආයතන ප්‍රධානීන් සහභාගී වනු ඇත.

ජනාධිපතිවරයා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුං මහතා අතර ද්විපාර්ශික සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙයි.

සිංගප්පූරු ජනාධිපතිනිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (24) පැවැත්විය.