පසුගිය දිනක හොරොව්පොතාන – ඓතිහාසික කිරලාගල ස්ථූපය මත නැග ඡායාරූප ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අග්නිදිග සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසුන් 08 දෙනා ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට නියෝග කර තිබේ.
ඒ ඔවුන් අද (24) කැබිතිගොල්ලෑව මහේස්ත්රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙහිදී සිසුන්ට විභාගයකට පෙනී සිටීමට ඇති බැවින් ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියත් මහේස්ත්රාත්වරයා එය ප්රතික්ෂේප කළේය.
බන්ධනාගාර බස් රථයකින් ඔවුන්ව විභාගයට පෙනී සිටීම සඳහා රැගෙන යන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට එහිදී මහේස්ත්රාත්වරයා නියෝග කරනු ලැබීය.








