FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ වැඩපිළිවෙලට ඇමෙරිකාවේ පැසසුමට ලක් වෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, සාමය හා සහජීවනය ගොඩනැගීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙලට දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර සහකාර ඇමෙරිකානු ලේකම් නීශා බිස්වාල් මහත්මියගේ පැසසුමට ලක්ව තිබෙන බව ජනපති මාධ්‍ය අංශය කියයි.

ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (25) පස්වරුවේදී හමුව තිබෙන අතර එහිදී අදහස් දැක්වූ ඇමෙරිකානු සහකාර ලේකම්වරිය ඉහත අදහස් ප්‍රකාශ කොට තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමී හා නිදහස් ලෙස පැවැත්වීම පිළිබඳවද ඇමෙරිකාවේ පැසසුම ජනපතිවරයාට පිරිනමා ඇති අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහාය දැක්වීමටද ඇමෙරිකාව පොරොන්දු වී තිබේ.