FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානයට එරෙහි දෙවැනි තරගයේ ජය දකුණු අප්‍රිකාවට..

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ ඊයේ (22) පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 05ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායමපන්දුවාර 45යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 203 ක් ලබා ගත්තේය.

ඒ අනුව තරග 05 කින් යුත් දෙරට අතර එක්දින තරගාවලිය 1-1 ලෙස සම තත්තවට පත් විය.

මෙහිදි පාකිස්ථාන වෙනුවෙන් හසන් අලි ලකුණූ 59 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඇන්ඩීලී පෙහ්ලුක්වායෝ කඩුලු 04 ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 42කදී කඩුලු 05ක් දැවී ලකුණු 207ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

වෑන්ඩර් ජුසේන් ලකුණු 80යි පෙහ්ලුක්වායෝ ලකුණූ 69ක් ලබාගනු ලැබීය.