ඊයේ (22) දින රැස්වූ පාර්ලිමේන්තු සභා වාරයේදී පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවල අනාවරණය වන කරුණු අධිකරණයේ සාක්ෂි ලෙස භාවිත කළ හැකි පරිදි පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත ඒකමතිකව සම්මත විය.
ඒ අනුව විමර්ශන කොමිෂන් සභා වාර්තාවල අන්තර්ගත කරුණු ඇසුරින් අධිකරණයේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ පරීක්ෂණ කොමිෂන් සභාවට බලය පැවරෙනු ඇත.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්විය.
පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කරමින් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අදහස් කර සිටියේ කොමිෂන් සභාවල අනාවරණය වන කරුණු සාක්ෂි ලෙස ගන්න පුළුවන් මේ සංශෝධන පනත් කෙටුම්ප සම්මත වීමෙන් පසුව බවත් දේශපාලන කුමන්ත්‍රණය වුණේ නැති නම් මේ පනත මීට කලින් සම්මත කරගන්න තිබුණු බවත්ය.








