ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් අනුව පෙබරවාරි 04 ශ්රී ලංකාවේ 71 වැනි ජාතික නිදහස් දින උළෙලේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ නව ජනපති ඊබ්රහිම් මොහොමඩ් සෝලි සහභාගී වීමට නියමිතය.
මාලදිවයින් ජනපතිවරයා පෙබරවාරි 03 මෙරටට පැමිණිමට නියමිත අතර ඔහු ජනපති ධූරයට පත්වීමෙන් අනතුරුව ශ්රී ලංකාවේ සිදුකරන පළමු නිල සංචාරයද මෙය වෙයි.








