මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට (24) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ එම තත්ත්වය බලාපොරොත්තු විය හැකි බවත් , උදෑසන සහ රාත්‍රී කාලයන් වලදී බොහෝ ප්‍රදේශවල තරමක ශීත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සහ මාතලේ දිස්ත්‍රික්කයේ අද දින වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.








