ජාතික පාසල්වල සිදුවන අකටයුතුකම් ගැන පැමිණිලි බාර ගැනීම සඳහා නිලධාරිනියක් පත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
ඒ අනුව දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම, චක්‍රලේඛවලට පටහැනිව භාණ්ඩ ආදිය ලබාගැනීම සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් එම නිලධාරිනියට පැමිණිලි කළ හැකිය.
ජාතික පාසල් සම්බන්ධ එම පැමිණිලි කේ. ජී. සී. මහේෂිකා මහත්මිය, සහකාර අධ්‍යාපන අධ්යක්ෂ, ජාතික පාසල් ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලිඛිතව දැනුම්දිය හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.








