FAST NEWS

24×7 Around the Globe

සියලුම සංඝ සභාවන් විසින් ඥානසාර හිමිට සමාව ඉල්ලා ලිපි භාරදෙයි…

 

ශ්‍රී ලංකාවේ සියලුම සංඝ සභාවන් විසින් සිර දඬුවම් නියම වී ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපි යොමු කරමින් ඉල්ලා සිටියි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මේ වන විට උන්වහන්සේ සිර දඬුවම් විදිමින් සිටියි.

අස්ගිරිය මහා නිකාය , මල්වත්ත මහා නිකාය , කෝට්ටේ සංඝ සභාව , අමරපුර මහා නිකාය රාමඥ්ඥ මහා නිකාය යන සංඝ සභාවල මහානායක හිමිපාණනන් වහන්සේලාගේ අත්සන් සහිත ලිපි ජනපතිවරයා වෙත යොමුකර තිබේ.

ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ද ඥානසාර හිමියන්ට පොදු සමාව ඉල්ලා තිබේ.