FAST NEWS

24×7 Around the Globe

එමිල් රංජන් පෙබරවාරි 05 දක්වා යළිත් රිමාන්ඩ්….

 

හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා පෙබරවාරි මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුව ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ඔහු විසින් අභියාචනාධිකරණයේ මේ වන විට ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර ඇත.