FAST NEWS

24×7 Around the Globe

පුත්තලම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා අත්අඩංගුවට..

පුත්තලම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහු විසින් කොන්ත්‍රාත් පදනම මත ලබාගෙන ඉදිකරමින් තිබු මාර්ගයක පිහිටි අනාරක්ෂිත වළකට වැටී පුද්ගලයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබේ.

එම අනාරක්ෂිත වළ අසළ අනතුරුදායක බව හැගවෙන කිසිදු දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කර නොතබිම මීට හේතුව වී ඇති බව පැවසේ.

පෙරේදා (20) රාත්‍රි 32 හැවිරිදි පුද්ගලයකු මෙම අනාරක්ෂිත වලට ඇදවැටී තිබු අතර ඔහු පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (21) මරණයට පත් වි තිබේ.

සැකකාර පුත්තලම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා අද (22) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැවසේ.